ආයෙත් කට වහගන්න ලෑස්ති වෙන්න

දෙසැ 21, 2023
    ‍කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන "JN 1" වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව, ‍ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

    ඔමික්‍රෝන් හා සම්බන්ධ වෛරස් ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්‍ෂණ විධිමත් කර ඇති බවයි, එම සංවිධානය ප්‍රකාශ කරන්නේ.

    නව ප්‍රභේදය අමෙරිකාව, ඉන්දියාව,චීනය, බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වනවා. මෙමගින් ජනතාවට වන බලපෑම අවම බවයි, ලෝක සෞඛ්‍ය සංවිධාන ‍පෙන්වා දෙන්නේ. පසුගිය දින කිහිපයේ ඉන්දි‍යාවේ කේරළ ප්‍රාන්තයෙන් නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමු වී තිබෙනවා.
    ඒ සමග සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද විධිමත් කළ බව, එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළා. "JN 1" වෛරසයේ සංකූලතා පහළ ගොස් ඇත්තේ, ගෝලීය වශයෙන් බොහෝ පිරිසක් කොවිඩ් එන්නත් ලබා ගෙන තිබීමෙන් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ශීත ඍතුවේ දී කොවිඩ් හා වෙනත් ස්වශන රෝග ව්‍යාප්තිය බහුල විය හැකි බවටයි, අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.

    Latest News