ලෝක රූ රැජිණියන්ට අභියෝග කරන ලාංකීය යුවතිය

දෙසැ 18, 2023

    ලෝකයේ ප්‍රධාන රූ රැජිණ තරගාවලි 04 අතරින් Miss Earth තරගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වියට්නාමයේදී.

    නොවැම්බර් මස 29 දින සිට දෙසැම්බර් මස 22 දක්වා විවිධ තරග කාණ්ඩ යටතේ මෙය පැවැත්වේ. විශේෂත්වය වන්නේ මේ තරගාවලියට ලෝකයේ රටවල් 100 කට ආසන්න ප්‍රමාණයක් සහභාගීවීමයි.

    2001 වර්ශයේ සිට මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ Miss Earth Sri Lanka 2023 Miss Viyana Pietersz . ඊයේ දින පැවැති Best In Talant තරග වටයේ ඇයගේ දක්ශතාවය මෙසේ ඉදිරිපත් කලා.

    ඇයගේ ජාතික පුහුණුකරු, ලෙස හා Talent Round පුහුණුකරු, ලෙස Model With Ruki - Model Academy & Agency Future Model Hunt නිරූපණ පාසලේ ශිෂ්‍යයාවක් ලෙස ඇයගේ දක්ශතා වලට සුභපැතුම් එක්කරමි.

    මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක ලෙස Thusitha Perera මහතා කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස Chandimal Jayasinghe මහතා කලයුතු කරයි. එමෙන්ම ඇයගේ Advocacy Trainer ලෙස Tharaka Gurukanda මහතා කටයුතු කරයි.

    ජාත්‍යන්තර සම්බන්ධීකාරක ලෙස Mark spencer මහතා කටයුතු කරයි. ශ්‍රී ලාංකීය නම ලොවක් ඉදිරියේ බබලවන්නට ඇයට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

    Last modified on සදුදා, 18 දෙසැම්බර් 2023 13:47

    Latest News