භාරතයේ වේදිකාව ජයගත් යාපනයේ හඬ

දෙසැ 18, 2023
    Congratulations Kilmisha...?????
    ඉන්දියාවේ, Zee Tamil රූපවාහිනී නාලිකාව සංවිධානය කළ 'සරිගමපා ලිට්ල් චෑම්ප්' රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට ශ්රී ලාංකික දැරියක් වන කිල්මීෂා සමත්වුණා.

    ඇය යාපනයේ පදිංචිකාරිනියක්. අවසන් තරගය ඊයේ (17) පැවැත්වුණේ, චෙන්නායිහි නේරු ගෘහස්ථ ක්රීඩාගාරයේ දී.

    Zee Tamil නාලිකාව ඔස්සේ එය සජීවීව විකාශය කෙරුණා. ජයග්රහණය තීරණය කෙරුණේ ජනතා මනාපය මතයි. අවසන් තරගයට සහභාගී වූ හය දෙනා අතුරින් ඉහළම මනාප හිමි වූයේ 14 හැවිරිදි කිල්මිෂාටයි.

    ඉන්දීය රියැලටි ඉතිහාසයේ ලාංකික තරගකාරියක් කිරුළ හිමි කරගත් ප්රථම අවස්ථාව මෙය වනවා.

    Latest News