ඛාන් යුනිස් නගරයෙන් පලස්තීනුවන් ඉවත් කෙරේ

දෙසැ 12, 2023
    ඊශ්රායල යුද ටැංකි ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    ඊශ්රායල ආරක්ෂක අංශ ගාසා තිරයේ සිටින සිවිල් වැසියන්ට පවසා ඇත්තේ, ඛාන් යුනිස් නගරයෙන් ඉවත් වන ලෙසයි.

    ගැටුම් පවතින ඛාන් යුනිස් නගරයෙන්, අල්-මාවාසි ප්රදේශය වෙත පලා යන ලෙස, ගාසා තිරයේ සිටින පලස්තීන වැසියන්ට, ඊශ්රායල ආරක්ෂක අංශ පවසා තිබෙනවා.
     
    කෙසේ වෙතත්, ජාත්යන්තර ආධාර සංවිධාන මෙම නියෝගය දැඩිව විවේචනය කර තිබෙනවා.
    ඒ, අල්-මාවාසි ප්රදේශය ගොඩනැගිලි කිහිපයක් සහිත කුඩා බිම් තීරුවක් වන අතර මූලික මිනිස් අවශ්යතා සැපයීමට යටිතල පහසුකම් නොමැති වීම හේතු කොටගෙනයි.
     
    සීමිත මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ගාසා තීරයේ ඉතිරි කොටස "සිවිල් සාමයේ සම්පූර්ණ බිඳවැටීමක" අද්දර සිටින බව, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා.
     
    ආහාර, ජලය සහ ඉන්ධන, ගාසා තීරයේ යුද අවි ලෙස භාවිතා කරන බවයි, එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය ප්රකාශ කරන්නේ.
    ඊයේ දිනයේ ද උතුරු ගාසා තීරයේ දැඩි ගුවන් ප්රහාර වාර්තා වුණා.
     
    ඊශ්රායල හමුදාව හමාස් සංවිධානයේ ඉලක්ක 250 කට වැඩි ප්රමාණයකට ප්රහාර එල්ල කොට ඇති බව, විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරනවා.

    Latest News