ගතවූ පැය 24ට මරණ 40ක්

අගෝ 06, 2024

    ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, ගාසාහි හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
     
    පසුගිය ජුනි මාසයට සාපේක්ෂකව ජූලි මස තුළ ගාසා තීරයේ ළමා මන්දපෝෂණය සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව, ‍එම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
     
    ගාසා තීරය තුළ ළමුන් 650 දෙනෙකු පමණ පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විදින බව, එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙනවා.
     
    ඊශ්‍රායල හමුදාව රැගෙන ගොස් මාස ගණනක් රඳවා ගෙන සිටි මියගිය නාදුනන පලස්තීනුවන් 90 දෙනෙකුගේ පමණ දිරාපත් වූ මළ සිරුරු නැවත ගාසා තීරයට ගෙනෙවිත්, සමූහ මිනී වලක තැන්පත් කෙරුණු බව, ගාසා සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසනවා.

    Latest News