ගාසා හදවතට ඊශ්‍රායලයෙන් රතු එළි

ජූලි 02, 2024
    ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන "ඛාන් යුනිස්"හි නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන පලස්තීනුවන්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.

    නිශ්චිතව දක්වා නොමැති "මානුෂීය කලාපයකට" මෙලෙස ඉවත්ව යන ලෙසයි, ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට දැනුම්දී ඇත්තේ.

    උතුරු සහ දකුණු ගාසා තීරයේ මෙන්ම බටහිර ඉවුරේ දෙපාර්ශ්වය අතර දැඩි වීදි සටන් අඛන්ඩව පවතිනවා.
    මේ අතර අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මුහම්මද් අබු සල්මියා මාස හතක රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබුවා. නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , පලස්තීන රැඳවියන් ඊශ්‍රායලයේ සිරගෙවල්වල "දිවා රෑ" වධ හිංසාවලට ලක් වන බවයි.
    පලස්තීන සටන්කාමීන් දකුණු රෆාහි ආක්‍රමණික හමුදා වෙත ප්‍රහාර දියත් කිරීමත් සමඟ ඊශ්‍රායල යුද ටැංකි මේ වන විට ගාසා හි ඉදිරියට ඇදෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 37,900 ක් මිය ගොස් 80,060 ක් තුවාල ලබා තිබෙනවා.
    හමාස් විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව1,139 ක් ලෙස ගණන් බලා ඇති අතර බොහෝ දෙනෙකු ගාසා තීරයේ තවමත් සිරකර සිටිනවා.

    Latest News