තත්පරයට චිත්‍රපට 150ක්

නොවැ 22, 2023
    චීනය ලොව නවීනතම සහ එතෙක් මෙතෙක් වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව එළිදැක් වූ බව පවසනවා. ඒ අනුව මෙම සම්බන්ධතාව හරහා තත්පරයට ගිගාබිට් 1,200 ක් එනම් තත්පරයට ටෙරාබිට් 1.2ක වේගයකින් දත්ත සම්ප්රේෂණය කළ හැකි බව චීනය සඳහන් කරනවා.

    එය දැනට පවතින අන්තර්ජාල වේගයට වඩා දස ගුණයක වේගයක්. තත්පරයකට චිත්රපට 150ක් පමණ සම්ප්රේෂණය කළ හැකි වේගයක්.

    China Mobile, Huawei Technologies සහ Cernet Corporation යන ආයතන එක්ව මෙම අන්තර්ජාල සම්බන්ධතාව එළිදක්වා තිබෙනවා. එරට බීජින් අගනුවර සහ වුහාන් සහ ගුවැන්ෂු යන නගර සම්බන්ධ කරමින් කිලෝමීටර් 3000 ක ප්රදේශයක් පුරා ප්රකාශ තන්තු කේබල් (Fiber) මගින් මෙම සම්බන්ධතාව ලබා දී තිබෙනවා.
     
    පද්ධතියේ සියලුම මෘදුකාංග සහ දෘඩාංග දේශීයව නිෂ්පාදනය කර තිබෙනවා.

    Latest News