මරණය දෝංකාර දෙන අල් ෂිෆා ඉසව්ව

නොවැ 20, 2023
    ඉකුත් ඔක්තෝබර් 7 වැනි දින හමාස් ප්රහාරයෙන් පසු අල් ෂිෆා රෝහලට ඊශ්රායල ප්රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඊශ්රායල හමුදාව නිකුත් කර තිබෙනවා.

    මේ අතර, හමාස් සංවිධානයේ අණ දෙන මධ්යස්ථානයක් යැයි හඳුනා ගනු ලැබූ උමං මාර්ගයක් සොයා ගත් බව ද ඊශ්රායලය පවසනවා.

    අල් ෂිෆා රෝහලේ හමාස් උමං මාර්ගයක්, සොයා ගත් බවට ඊශ්රායල හමුදාව කළ ප්රකාශය ප්රතිකේෂ්ප කරන බව, ගාසා සෞඛ්ය අමාත්යාංශ අධ්යක්ෂකවරයා පවසනවා.
     
    පැහැර ගැනීමට ලක් වූ ඊශ්රායල ප්රාණ ඇපකරුවන් අතර වූ 19 හැවිරිදි තරුණියක තුවාල සහිතව අල් ෂිෆා රෝහල වෙත ගෙන යන අයුරු රැගත් දර්ශන ඊශ්රායල හමුදාව සොයා ගෙන ඇති අතර, රෝහල තුළ දී ඇයව ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
     
    මේ අතර, ගාසිහි තිබෙන ඉන්දුනීසියානු රෝහල ආශ්රිත ත්රස්තවාදීන් සිටින ස්ථාන කිහිපයකට ඊශ්රායල ප්රබල ගුවන් ප්රහාර රැසක් එල්ල කර තිබෙනවා.
     
    මේ අතර, ලෝක සෞඛ්ය සංවිධානය ප්රකාශ කර ඇත්තේ, අල් ෂිෆා රෝහලේ සිටි නොමේරූ උපත් වලින් බිහි වූ දරුවන් 31 දෙනෙකු ගාසා තීයේ දකුණු ප්රදේයේ නසාර් සහ යුරෝපීය රෝහල් වෙත රැගෙන ගිය බවයි.
     
    අසාධ්ය තත්වයේ පසු වන රෝගීන් 200 දෙනෙකු පමණ තවමත් අල් ෂිෆා රෝහලේ රැදී සිටින බවද, වාර්තා වනවා.
     
    මේ අතර, හවුති කැරලිකරුවන් රතු මුහුදේදී යේමනයට අයත් වෙළෙද නෞකාවක් සිය ග්රහණයට ගෙන තිබෙනවා.
    ඉරානය ඊට වගකිව යුතු බවට, ඊශ්රායලය චෝදනා කරනවා.
    හවුති කැරලිකරුවන්ගේ ග්රහණයට පත් වන අවස්ථාවේ දී, නෞකාවේ 22 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ.
     
    තුර්කියේ සිට ඉන්දියාව බලා යමින් තිබූ නෞකාව, කැරලිකරුවන්ගේ ග්රහණයට හසු වීමත් සමග ගාසා තීරයේ යුදමය තත්වය තවදුරටත් උත්සන්න වේයැයි, බියක් මතුව ඇති බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    Latest News