ගාසා කඳවුරකට තවත් බෝම්බයක්

නොවැ 01, 2023
    ගාසා තීරයේ ''ජබාලියා'' සරණාගත කඳවුරට ඊශ්රාායල බෝම්බ ප්රාහාරයක් එල්ල වී තිබෙනවා. 50 දෙනෙකු මියගොස් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    ඊශ්රාීයල ප්රිහාරවලින් හමාස් සංවිධානයේ ජබාලියා ප්රපදේශයේ පිහිටුවා ඇති බලඇණියේ අණදෙන නිලධාරි ඊබ්ාර හිම් බියර් මියගිය බව වාර්තා වනවා.

    එහෙත්, හමාස් සංවිධානය එය ප්රිතික්ෂ්යප කරනවා. ඊබ්රාකහිම් බියර් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ හමාස් ත්රතස්ත ප්රකහාරයට වගකිවයුතු ප්රගධාන පෙළේ නායකයෙකු බව ඊශ්රාංයල ආරක්ෂක අංශ පවසනවා.
     
    ඊශ්රායයලය, පසුගියදා පලස්තීන වැසියන්ට ඉවත්ව යන ලෙස දැනුම් දී තිබූ ප්රරදේශයකයි මෙම සරණාගත කදවුර පිහිටුවා ඇත්තේ. ප්ර හාරයෙන් හමාස් සංවිධානයට අයත් භූගත බංකරවල යටිතල පහසුකම් රැසකට හාසි සිදුව ඇති බව ඊශ්රාතයල ආරක්ෂක අංශ පවසනවා.
     
    ඊශ්රාදයල් හමුදාව ඊයේ ගාසා තීරයේ ඉලක්ක 300 කට පමණ ප්රනහාර එල්ල කළා. ප්රවහාරවලින් හැකිතාක් සිවිල් වැසියන් මියයාම වැළැක්වීමට පියවර ගන්නා බව ඊශ්රාායලය අවධාරණය කරනවා.
     
    ඊශ්රාෂයල ප්රපහාරවලින් බරපතල තුවාල ලැබූ පලස්තීනුවන් ඊජිප්තුවේ රෝහල්වල ප්රැතිකාර ලබනවා. ගාසා තීරයේ දකුණු රෆා දේශ සීමාව අද විවෘත කිරීමට නියමිත බව ද විදෙස් මාධ්යග වාර්තා සඳහන් කරනවා.

    Latest News