මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අද (02) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වනවා.
ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ආරාධනයකට අනූවයි.
ඇය අද උදෑසන ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලට ද පැමිණි බව වාර්තා වනවා.
ඇය
අද ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්
රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ උත්සවයේ ප්
රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතයි.
ඊට අමතරව අද දිනයේ ඉන්දු - ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ද නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.