ලංකාවම බබළන පැසිෆික් සමුළුව

අගෝ 29, 2023

    ලබන පෙබරවාරි මාසයේ රටවල් 44ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) ලබන වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම සමුළුව අප රටේ පැවැත්වීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට, තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    වසර ගණනාවකට පසු එනම් පසුගිය පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පසුව මෙරටට බලපෑ ආර්ථික අර්බුදය සහිත ගතවූ කාලසීමාව තුළ රටවල් විශාල ප්‍රමාණයක නියෝජිතයන් සහභාගී වන අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැත.

    UNFAO - Asia Pacific Regional Conference සමුළුව අප රට තුළ ඉතාමත් ම ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (28) උපදෙස් දෙනු ලැබීය.

    මෙම සමුළුවට රටවල් 44ක නියෝජිතයෝ 2000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News