අද දේශගුණයේ වෙනසක්

අගෝ 29, 2023

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

    එමෙන්ම, අද දහවල් 12:11ට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පලවි සහ මුලතිවු දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

    Latest News