ෆුකුෂිමාවේ විකිරණශීලී ජලය හෙට මුහුදට

අගෝ 23, 2023

    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා මුහුදට මුදා හැරීම, හෙට ආරම්භ කරන බව, ජපාන බලධාරීන් පවසනවා.

    2011 දී ජපානයට බලපෑ සුනාමි තත්වය හේතුවෙන් මෙම බලාගාරයට හානි සිදු වුණා.

    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය රඳවා ගැනීමේ සීමාව ඉක්මවා යෑමත් සමග එය බැහැර කිරීමට සැලසුම් සකස් කෙරුණා. ජපාන න්‍යෂ්ටික නියාමන අධිකාරිය අනුමත කළ සැලැස්මට අනුව, ජලය බැහැර කිරීමට සූදානම් වන ලෙස, බලධාරීන් නියෝග දුන් බව, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පැවසුවා.

    කාලගුණික තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් හෙට ජලය මුදා හැරීම ආරම්භ කරන බවයි, ජපාන අග්‍රමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ජපාන බලධාරීන් පවසන්නේ,

    ඊට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද අනුමැතිය ලබා දී තිබුණා.

    Latest News