ග්‍රීසියටත් ලැව් ගිනි

අගෝ 22, 2023

    ග්‍රීසියේ,  දකුණු දිග  ප්‍රදේශ කිහිපයකට සහ ඇතෑන්ස් නුවරට ලැව් ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පැතිර යන  වියළි සුළං  හේතුවෙන්  එය මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බවයි, වාර්තා  වන්නේ.

    මෙම සතිය පුරා එම ප්‍රදේශවලට  සෙල්සියස් අංශක 40 ඉක්මවූ  උෂ්ණත්වයක් පැවතුණා. 

    අවදානම් සහගත ප්‍රදේශවලින් විශාල පිරිසක් ඉවත් කිරීමට ද පියවර ගැනුණා.

    ග්‍රීසියේ, ඊශාන දිග මායිමට ආසන්න "ඇලෙක්සැන්ඩ්‍රෝපොලි"  වරාය නගරය දක්වා ලැව් ගිනි පැතිරීමේ අවදානම් පවතින බවයි, බලධාරින් පවසන්නේ. එය මැඩපැවැත්වීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News