LPL කිරුළ බී ලව් කැන්ඩි ට

අගෝ 21, 2023

    LPL ක්‍රිකට් තරගාවලියේ ශූරතාව බී ලව් කැන්ඩි කණ්ඩායම දිනාගත්තා.

    ඒ ඊයේ පැවති පැවති අවසන් තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලූ 5 කින් පරාජය කරමින්.

    අවසන් තරගයේ කාසිය වාසිය දිනාගත් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්ට පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඊයේ අවසන් තරගයේ දී බී ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසින්.

    ඒ නායක වනිදු හසරංග ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන්. පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 40 යි. චතුරංග ද සිල්වා කඩුලු 2 ක් දවා ගත්තා.

    පිළිතුරු ලෙස බී ලව් කැන්ඩි කණ්ඩායම තරගය ජය ගත්තේය 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 151 ක් රැස් කරමින්. කමිදු මෙන්ඩිස් ලකුණු 44 යි.

    තරගයේ වීරයා ඇන්ජෙලෝ මැතිව්ස්. තරගාවලියේ වීරයා සම්මානය වනිදු හසරංගට හිමි වුණා.

    මෙහිදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාට්ස් අරමුදල සදහා රුපියල් මිලියන 100 ක් පිරිණැමීමද විශේෂත්වයක්.

    Latest News