කැනඩාවේ කොටසකට හදිසි තත්වයක්

අගෝ 19, 2023

    කැනඩාවේ බටහිර "බ්‍රිටිෂ් කොලම්බියා" පළාතට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ලැව් ගිනි පාලනය කිරීමට නොහැකි ලෙස ශීඝ්‍රයෙන් පැතිර යාම ඊට හේතුවයි. කැනඩාවේ බටහිර "බ්‍රිටිෂ් කොලම්බියා" පළාත් බලධාරින් අනතුරු අඟවන්නේ, ලැව් ගිනි ව්‍යාප්තිය වේගවත් වී ඇති බැවින් ඉදිරි දින කිහිපය අතිශයින් අභියෝගමත් වනු ඇති බවයි. "වෙස්ට් කෙලෝනා" නගරය අශ්‍රිත ප්‍රදේශයේ ලැව් ගිනි ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා නිවාස රැසක් විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව, බලධාරින් පවසනවා.

    "මැක්ඩොගාල් ක්‍රීක්" ලෙස හදුන්වනු ලබන ලැව් ගිනි පැය 24 ක් තුළ හෙක්ටයාර 6,800 ක භූමි ප්‍රදේශක පැතිර ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. එම නිසා 4,800 ක පමණ පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට නියෝග කර තිබෙනවා. ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේ 22,000 ක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි, වාර්තා වන්නේ. ගිනි නිවීමේ සහ අවතැන් ජනතාව වෙනුවෙන් සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Latest News