අධිවේගී මාර්*ගයට කඩා වැටුනු මැලේසියානු ජෙට් යානාව

අගෝ 18, 2023

    පෞද්ගලික ජෙට් යානයක් මැලේසියාවේ අධිවේගී මාර්ගයකට කඩා වැටී තිබෙනවා.

    අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ. ජෙට් යානයේ මගීන් 6 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිටි බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. යානය අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් මතට කඩා වැටී තිබෙනවා. ඒවායේ ගමන්ගත් දෙදෙනෙකු ද අනතුරින් මිය ගොස් තිබෙනවා. ජෙට් යානය ක්වාලලම්පූර් නුවර 'ලන්කවි' සිට 'සෙලන්ගෝර්' දක්වා පියාසර කර තිබෙනවා. අනතුරට හේතුව තවමත් හෙළි වී නැහැ.

    Latest News