60කට දිවි අහිමිකළ බෝට්ටු අනතුර

අගෝ 17, 2023

    බටහිර අප්‍රිකාවේ "කේප් වර්*ඩ්" රාජ්‍යට අයත් මුහුදේ දී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් 60 දෙනෙකු මිය ගොස් ඇතැයි, වාර්තා වනවා.

    අනතුර සිදුව ඇත්තේ "කේප් වර්ඩ්" රාජ්‍යට අයත් සල් දූපතේ සිට කිලෝමීටර් 320 ක් පමණ දුරකින් යුත් මහුදු ප්‍රදේශයක දී. සහන කණ්ඩායම් බෝට්ටුවේ සිටි ළමුන් ඇතුළු 38 දෙනෙකු බේරා ගෙන තිබෙනවා. අනතුරට ලක්වූ පිරිස මාසයකට වැඩි කාලයක් බෝට්ටු මගින් මුහුදේ යාත්‍රා කර ඇති අතර ඔවුන් සෙනගාලයේ සිට පැමිණි පිරිසක්. "කේප් වර්ඩ්" බලධාරීන් පවසන්නේ, එරට වෙරලාරක්ෂක බලකාය මෙම යාත්‍රාව ඉකුත් සඳුදා දින නිරීක්ෂේණය කර ඇති බවයි. බෝට්ටුව ගිලී ගොස් ඇති බවට මුලින්ම තොරතුර වාර්තා වුවත්, බෝට්ටුවේ සිදු වූ යම් අනතුරකින් පසු එය පාවෙමින් තිබූ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

    Latest News