යුක්‍රේන රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

අගෝ 06, 2023

    රුසියානු හමුදාව තම රාජ්‍යයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ඊ‍යේ රාත්‍රී ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

    යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව, චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් 40ක නිලධාරින් සමග සෞදි අරාබියේදී සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවකයි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

    රුසියානු හමුදාව විසින් ගුවනින් එල්ල කළ, එම බෝම්බ ප්‍රහාරයෙන් ඊසාන දිග යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට මෙන්ම විශ්ව විද්‍යාලයකට, යුක්‍රේන ගුවන් යානා මධ්‍යස්ථානයකට ද හානී සිදුව ඇති බවයි, යුක්‍රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි පවසන්නේ.

    රුසියානු ගුවන් ප්‍රහාරවලින් පිරිසක් මිය ගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබු බවත් ඔහු සඳහන් කරනවා. එහෙත් මිය ගිය සහ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව යුක්‍රේන ජනාධිපතිවරයා නිශ්චිතව ප්‍රකාශ කර නැහැ. කෙසේවෙතත් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු හමුදාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News