“වොයේජර් - 2” යානය සමග නැවත සබඳතා ඇරඹේ

අගෝ 05, 2023

    සන්නිවේදනය බිඳවැටුණු “වොයේජර් - 2” ගවේෂණ යානය සමග පූර්ණ සබඳතාවක් ඇති කර ගත් බව, නාසා ආයතනය පවසනවා.

    ඉකුත් ජූලි මාසයේ වැරදි විධානයක් ලැබීම හේතුවෙන්, යානය සමග පැවති සබඳතා බිඳ වැටුණා. “වොයේජර් - 2” යානය අභ්‍යවකාශ ගත කෙරුණේ, 1977 අගෝස්තු 20 වැනිදා. ඒ, පෘතුවියෙන් පිටත ග්‍රහලෝක සහ අන්තර් තාරකා අධ්‍යයනය කිරීම සඳහායි. ඉකුත් ජූලි මාසයේ අභ්‍යවකාශ යානයට වැරදි විධානයක් ලැබීම හේතුවෙන්, එහි ඇන්ටනා‍වේ සුළු වෙනසක් සිදුව තිබුණා. ඒනිසා පෘතුවිය සමග පැවති සන්නිවේදනය බිඳ වැටී තිබුණු බවයි, නාසා ආයතන පැවසුවේ.

    යානය සමග සබඳතා යථා තත්වයට පත් කර ගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබුණා. ඒ අනුව, යානයේ ඇන්ටනාව නියමිත පරිදි සකස් කිරීමට නාසා ආයතනයට හැකිවී තිබෙනවා. "වොයේජර් 2" පෘථිවියේ සිට සැතපුම් බිලියන ගණනක් ඈතින් පවතින බැවින්, ලබා දුන් විධානය ක්‍රියාත්මක වූයේ දැයි සොයා බැලීමට මෙහෙයුම් පාලකයන්ට පැය 37ක් ගත වී තිබෙනවා. ඒ අනුව, නාසා ආයතනය ඊයේ තහවුරු කළේ යානයේ ඇන්ටනාව නිසි පරිදි ක්‍රියාත්මක වන බවයි.

    Latest News