ජීවිත 31ක් ගංවතුරට බිලි

ජූලි 24, 2023

    ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ගංවතුරින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් අතුරුදන් බවයි වාර්තා වන්නේ.

    අසල්වැසි පකිස්ථානයේ ද ගංවතුර සහ නායයාම් හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    තෙදිනක් පුරා ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි හා ගංවතුර හේතුවෙන් 41 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. කාබුල් සහ මායිඩාන් ප්‍රදේශ දැඩි ලෙස ආපදාවට ලක් වුණා. නායයාම් හේතුවෙන් තුවාල ලැබූවන් 75 දෙනෙකු වාර්තා වනවා.

    මායිඩාන් ප්‍රදේශයේ නායයාම් හේතුවෙන් රාත්‍රී නින්දේදීම පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව අපාදා අංශ පවසනවා.

    දරුණු ආර්ථික පසුබෑමකට ලක්ව සිටින ඇෆ්ගනිස්ථානය, යුද ගැටුම් හා ස්වභාවික ආපදා හමුවේ තවදුරටත් ඉන් මිදිය නොහැකි උත්තවයක් උදා වනු ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

    Latest News