ලොව උසම කන්දට බරපතල තර්ජනයක් !

අප්‍රේ 15, 2024

    ලොව උසම කන්ද වන එවරස්ට්හි මේ වන විට බරපතල ලෙස පාරිසරික අර්බුදයක් හටගෙන ඇතැයි නේපාල බලධාරීන් පවසනවා. 

    කඳු නගින්නන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය සහ ඔවුන්ගේ මලපහ මීට හේතුවයි.

    සෑම වසරකම 500 දෙනෙකු පමණ එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සහ දරණවා.  ඔවුන් බැහැර කරන අපද්‍රව්‍ය සහ මළපහ මේ වන විට එවරස්ට් කඳු පන්තියට බරපතල තර්ජනයක් වී තිබෙනවා. 

    විශේෂයෙන්ම මිනිස් මලපහ එවරස්ට් කඳු පන්තියේ අධික ශීත කාලගුණය හේතුවෙන් දිරාපත් නොවීම නිසා, ඒවා වසර ගණනාවක් වුවත් ඒ ආකාරයෙන්ම පැවතීම මීට හේතුවයි. 

    අති දුෂ්කර කාළගුණික තත්වය හේතුවෙන් ඒවා ඉවත් කිරීමද ඉතා අපහසු කාර්යයක් වී තිබෙනවා.  එසේම, කඳු නගින්නන් බොහෝ දෙනෙකු නිසි ආකාරයකින් කසළ කළමණාකරණය කිරීම හෝ ඒවා ආපසු රැගෙන යාම සිදු නොකරන බවයි නේපාල බලධාරින් පවසන්නේ. 

    මේ හේතුවෙන් මේ වසරේ සිට ඉතා දැඩි නීතිරීති පැනවීමට නේපාල බලධාරීන් තීරණය කර තිබෙනවා. 

    Latest News