අමෙරිකාවෙන්, යුක්‍රේනයට අතී නවීන ප්‍රහාරක ජෙට් යානා

මැයි 20, 2023

    අමෙරිකාවේ නිෂ්පාදිත එෆ්-16 ඇතුළු, අති නවීන ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේයට ලබාදෙන බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.

    ජපානයේ හිරෝෂිමා නගරයේදී ඊයේ ආරම්භ වූ ජී-7 සමුළුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.  යුක්‍රේන හමුදා සඳහා අත්‍යවශ්‍යව පැවති අති නවීන ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට යුක්රේහන ජනාධිපතිවරයා දීර්ඝ කාලීනව ප්‍රයත්න දරමින් සිටියා.

    ඒ අනුව, ජපානයේ දී ඊයේ ආරම්භ වූ ජී-7 සමුළුවේ දී සිය මිත්‍ර පාර්ශවීය රටවල් හමුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්, කියා සිටියේ, තම රටේ නිෂ්පාදිත එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට ලබාදෙන බවයි. ඊට අමතරව යුක්‍රේන ගුවන් හමුදා නියමුවන් සඳහා ජෙට් යානා භාවිතය පිළිබඳව පුහුණුවක් ද ලබාදීමට නියමිතයි.

    අමෙරිකානු රජයේ මෙම තීරණය ඓතිහාසික තීරණයක් බව, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. කෙසේ වුවද යුක්‍රේන ගුවන් හමුදාව වැඩි දියුණු කිරීම ඇතුළු ප්‍රහාරාත්මක මෙහෙයුම් සඳහා අවශ්‍ය අවි ආයුධ යුක්‍රේනය වෙත සැපයීම කෙරෙහි ද එහි මිත්‍ර පාර්ශවීය රටවල අවධානය වැඩි වශයෙන් යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News