ගිනි ඇවිලෙන “ඇල්බර් ටා"

මැයි 20, 2023

    කැනඩාවේ “ඇල්බර්ටා” පළාතේ හටගෙන ඇති ලැව් ගිනි ව්‍යාප්තියේ අඩුවක් නැතැයි, එරට බලධාරීන් පවසනවා.

    එම පළාතට පැනවූ හදිසි තත්වය, තවදුරටත් ක්‍රියාත්මකයි.  මිලියන 4 කට අධික ජනතාවක් වෙසෙන කැනඩාවේ ඇල්බර්ටා පළාතේ පමණක්, මේ වන විට ලැව් ගිනි 100 කට ආසන්න ප්‍රමාණයක් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.

    ඉන්  බොහොමයක්, පාලනයට තවමත් හැකි වී නැහැ. ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 782,000 අධික භූමියක් විනාශ වී ඇති බව තක්සේරු කර තිබෙනවා. ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ  භටයන් සහ හමුදා අංශ ද දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

    Latest News