ටොන් 50ක රන් නිධියක්

මාර් 27, 2023

    ටොන් 50කට ආසන්න සංචිතයකින් යුත් දැවැන්ත රන් නිධියක් චීනය විසින් මෑතක දී සොයා ගෙන තිබේ.

    එය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ඇ.ඩො. බිලියන 3ක පමණ වටිනාකමකින් යතු වේ.චීනයේ රන් සංචිත ඉහළ නැංවීමට සෘජුවම එය උපකාරී වනු ඇත.


    ෂැන්ඩොං ඛනිජ සම්පත් අධිකාරියට අනුව නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ රුෂාන් නැමති ග්‍රාමීය නගරයේ මෙම නිධිය පිහිටා ඇත.

    මෙම සොයා ගැනීම සඳහා චීනයේ භූ විද්‍යා හා ඛනිජ සම්පත් කාර්යාංශයේ නිළධාරීන් විසින් මීටර් 1,400 ක් තරම් ගැඹුරට සිදුරු 250 ක් පමණ විද ඇත. අවම වශයෙන් වසර 20 ක් සඳහා රන් ලෝපස් ටොන් 2,000 ක් නිෂ්පාදනය කළ හැකි බව රජයේ තක්සේරුවකින් හෙළි වී ඇත.

    චීනයේ ෂැන්ඩොං පළාත රන් සම්පත්වලින් පොහොසත්ම ප්‍රදේශය වන අතර, පසුගිය දශක හතරක කාලය තුළ චීනයේ රන් නිෂ්පාදනයේ වැඩිම දායකත්වය එම පළාතෙන් ලැබී ඇත.

    Latest News