අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

මාර් 28, 2023

    අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

    ටෙනසි ප්‍රාන්තයේ, නෑෂ්විල් ප්‍රදේශයේ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    වෙඩි තැබීම සිදු කර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක් විසින් වන අතර ඇය සංක්‍රාන්තික ලිංගික තැනැත්තියක් බවත් වාර්තා වනවා.

    එමෙන්ම ඇය එම පාසලෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති බවද සඳහන්.

    වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ අමෙරිකානු පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා තිබෙනවා. එහිදී වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති අතර පොලිසිය
    එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකාරිය මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    2023 වසර තුල අමෙරිකාවේ සිදු වූ 129 වැනි සමූහ වෙඩි තැබීම මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

     

    Latest News