ස්පාඤ්ඤයේ හෙක්ටයාර 3,000ක ලැව්ගිනි

මාර් 25, 2023

    ස්පාඤ්ඤයේ, නැගෙනහිර ප්‍රදේශයේ ලැව් ගිනි බලපා ඇති ස්ථාන ආශ්‍රි ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

    මේ වන විට හෙක්ටයාර 3,000 ක භූමි ප්‍රදේශයක ලැව් ගිනි පැතිර ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.  ස්පාඤ්ඤයේ, නැගෙනහිර - කැස්ටලොන් පළාතේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ලැව් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව, බලධාරින් පවසනවා.

    එම ප්‍රදේශවල 1,500 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත මේ වන විටත් ඉවත් කර අවසන්. වියළි කාලගුණය හේතුවෙන් තවත් ප්‍රදේශවල ලැව් ගිනි හට ගැනීමේ ‍අවදානමක් ද මතුව ඇති බවයි, වාර්තා වන්නේ. හදිසි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 18 ක් ද සමග ගිනි නිවීමේ භටයින් 600 කට අධික පිරිසක් යොදවනු ලැබ සිටිනවා. ලැව්ගිනි පවතින ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බව විදෙස් මාධ්‍ය ‍වාර්තාවල සඳහන්.

    Latest News