2022 ලෝක අන්තර් ජාල සමුළුව චීනයේදී

නොවැ 09, 2022

    2022 ලෝක අන්තර් ජාල සමුළුව චීනයේ Wuzhen උප නගරයේදී ඇරඹේ.

    අද (9) පැවති සමාරම්භක උත්සවයට එක් වූ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Li Shulei මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේය.

    විවිධ රටවල් සමග එක්ව අන්තර් අවකාශය ගොඩනැගීම සහ අපේක්ෂා සපිරි ගෝලීය ඩිජිට‍ල් සංවර්ධන මාර්ගය බිහිකිරීම සඳහා චීනයේ සූදානම ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයෙන් පැහැදිලි කෙරිණ. පසුගිය දා සාර්ථකව අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී චීන අන්තර් ජාල සංවර්ධනය පිළිබඳ නව උපායමාර් ග සකස් කර ඇති බව ද Li Shulei මහතා එහිදී පැවසීය.

     “ඩිජිටල් අනාගතයක් සඳහා පොදු අන්තර් ජාල අවකාශයක් ගොඩනැගීම” යන්න මෙවර සමුළුවේ තේමාව යි. ලොව විවිධ රටවල් හා ප්‍රදේශ 120 ක් නියෝජනය කරමින් 2100කට අධික පිරිසක් මාර් ග ගත හා මාර් ග ගත නොවන ආකාරයෙන් ඊට එක් ව සිටිති.

    අරෝශා සමරදිවාකර - රූපවාහිනී වාර් තා කරු
    චීනයේ බෙයිජින් නුවර සිට

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 21:55

    Latest News