දශකයකට පසු බ්‍රසීලය වමට

ඔක් 31, 2022

    බ්‍රසීල ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහනය කර තිබෙනවා. වත්මන් ජනාධිපති ජාර් බොල්සනාරෝ පරාජයට පත් වුණා.

    ලූලා ද සිල්වා සියයට 50 යි දශම 8 ක මනාප ප්‍රතිශතයක් ලබා ගත් අතර, ජාර් බොල්සනාරෝට ලබා ගත හැකි වූයේ සියයට 49 යි දශම 2 ක් පමණයි. 

    2003 සිට 2010 දක්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරය දැරූ ලූලා ද සිල්වා බ්‍රසීලය සංවර් ධනය කිරීමට ඉමහත් දායකත්වයක් දැක් වූ නායකයෙක්. 

    මෙම ජයග්‍රහණයත් සමග බ්‍රසීලයේ කාලයක සිට පැවති දක්ෂිණාංශ ආණ්ඩුව පරාජයට පත්වී තිබෙනවා. වත්මන් ජනාධිපති ‍ජාර් බොල්සනාරෝ හට චෝදනා රැසක් එල්ල වන අතර, කොවිඩ් අර් බුදය නිසි ආකාරයෙන් පාලනය නොකිරීම සහ ඇමේසන් වනය විනාශ කිරීමට අනුබල දීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.  

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 13:46

    Latest News