වසර 200කට පසු බ්‍රිතාන්‍යයට තරුණ නායකත්වයක්

ඔක් 25, 2022

    එල්ල වී ඇති ආර්ථික අභියෝග හමුවේ එක්ව ක්‍රියා කළ යුතු බව, බ්‍රිතාන්‍ය නව අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත රිෂී සුනාක් පවසනවා.

    කන්සර්වේටිව් පක්ෂ නායකත්වයට තේරී පත් වීමෙන් පසු සිදු කළ කතාවේදී ඔහු මේ බව කියා සිටියා.

    රිෂී සුනාක් ‍එහිදී කියා සිටියේ, තම රට සහ පක්ෂය එකට ගෙන ඒම ඔහුගේ ප්‍රමුඛතම අරමුණ වනු ඇති බවයි. ඔහු බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් වූ පළමු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයා වන අතර, වසර 200 කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ද වාර්තා අතරට එක් වනවා.

    42 හැවිරිදි ඔහු, හින්දු භක්තිකයෙකු වන ඔහු ඉන්දියානු සම්භවයක් සහිත වීම විශේෂත්වයක්. රිෂී සුනාක් මහතා අද දිනයේ දෙවැනි චාල්ස් රජු හමු වන අතර, එහිදී රජු විසින් ඔහුට රජයක් පිහිටුවන ලෙස සම්ප්‍රදායික වශයෙන් ආරාධනා එක් කිරීමෙන් අනතුරුව, ඔහු ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.

    හිටපු අගමැති ලිස් ට්‍රස්ට් මහත්මිය අද දිනයේ අවසාන කැබිනට් හමුව පවත්වන අතර, පසුව රජු හමුවී ඇයගේ අග්‍රාමාත්‍යවරිය ලෙස අවසාන නිල හමුව පවත්වනු ඇති.

    Latest News