බ්‍රිතාන්‍යයේ ආසියා දායකයා

ඔක් 29, 2022

    බ්‍රිතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා රිෂී සුනාක් වේ.

    සුනක් හැටේ දශකයේ නැගෙනහිර අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමාපියන්ට දාව සවුත්හැම්ප්ටන් හිදී උපත ලැබුවේ 1982 මැයි 12 වනදායි. වින්චෙස්ටර් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, ඔක්ස්ෆර්ඩ් හි ලින්කන් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව (PPE) හැදෑරූ අතර ෆුල්බ්‍රයිට් විශාරදයෙකු ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගත්තේය.

    ස්ටැන්ෆෝර්ඩ් හි සිටියදී ඔහුට ඉන්දියානු ප්‍රකෝටිපති එන්.ආර්. නාරායන මූර්තිගේ දියණිය වූ ඔහුගේ බිරිඳ අක්ෂාතා මූර්ති මුණ ගැසුණි. සුනක් සහ ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ 222 වැනි ධනවත්ම පුද්ගලයන් වන අතර, 2022 වන විට ඒකාබද්ධ වත්කම පවුම් මිලියන 730ක් ලෙස ගණන් බලා ඇත.

    2022 ඔක්තෝබර් 25 සිට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 2022 ඔක්තෝබර් 24 සිට කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙසත් සේවය කරන සුනක් 2020 සිට 2022 දක්වා භාණ්ඩාගාරයේ චාන්සලර් සහ 2019 සිට 2020 දක්වා භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ලෙස සේවය කළේය.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 14:57

    Latest News