ගෝත්‍රික කණ්ඩායම් ගැටුමෙන් 15ක් මරුට...

ඔක් 20, 2022

    දකුණු සුඩානයේ බ්ලූ නයිල් ප්‍රාන්තයේ ඉඩම් සම්බන්ධයෙන් ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 15දෙනෙකු මියගොස් තිබෙනවා.

    වාඩ් අල් මහී නම් කුඩා නගරයේදී ගැටුම හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්‍. හව්සා ජනවර්ගයට අයත් පිරිසක් හා එම නගරයේ සිටින තවත් ගෝත්‍රික කණ්ඩායමක් අතර ඉඩම් පිලිබඳ ආරවුලක් මතුව තිබුණා. කණ්ඩායම් දෙක අතර ඇතිවූ බහින් බස්විමක් දුරදිග යාමෙන් එය ගැටුමක් බවට පත්වූ බවයි වාර්තා වන්නේ. ගැටුම අතරතුරු වෙඩි හඬ ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.

    Latest News