උද්ධමනය නිසා බ්‍රිතාන්‍යයේ ජනතාව ආහාර වේල් මගහරී

ඔක් 20, 2022

    ඉහළ යන උද්ධමනය හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන සංඛ්‍යාත ජනකායක් සිය ආහාර වේල් මගහරිමින් සිටින බව එරට පාරිභෝගයින් කණ්ඩායමක් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.  

    එක්සත් රාජධානියේ අධික ආහාර මිල ගණන් හමුවේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී එරට උද්ධමනය සියයට 10 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය අද වාර්තා කළා. 

    එරට පුද්ගලයින් තුන්දහසක පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙම නවතම සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ, වත්මන් ජීවන වියදම් අර්බුදය හමුවේ එරට මිලියන සංඛ්‍යාත පිරිසක් ආහාර වේල් ගණන අඩු කරමින් සිටින බවයි. 

    එක්සත් රාජධානියේ කුටුම්බයන්ගෙන් හරි අඩකට පමණ පිරිසකට මෙම තත්වය මත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවක්ද මතුව ඇති බව ඔවුන් පවසනවා.  වත්මන් බලශක්ති අර්බුදය හේතුවෙන් එක්සත් රාජධානියේ මේ වන විට ඉන්ධන දරිද්‍රතාවක්ද ඇති වීමේ ඉහළ අවදානමක් ද පවතින බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. 

    කෙසේ වෙතත් නව සමීක්ෂණය සිදු කළ පාරිභෝගිකයන් කණ්ඩායම පෙන්වා දෙන්නේ, බ්‍රිතාන්‍ය රජය විසින් මේ සතියේදී ගනු ලැබූ එරට බලශක්ති මිල පාලනය ඉවත් කිරීමේ තීරණය මෙම අර්බුදකාරී වාතාවරණයට සෘජු ලෙස බලපා ඇති බවයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022 11:59

    Latest News