පැරිස් නුවර දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්...

ඔක් 18, 2022

    ප්‍රංශයේ පැරිස් නුවර පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙනවා.

    ඉහළ යන ජීවන වියදම, උද්ධමනය සහ ආර්ථික අර්බුද ඇතුළු ගැටලු ගණනාවක් මීට හේතු වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.  ප්‍රංශය පුරා ඉකුත් සති කිහිපයේ ඉන්ධන  හිඟයක් ද මතුව තිබුණා. ඒ, පිරිපහදු සේවකයන් දියත් කළ වැඩ වර්ජනයක් හේතුවෙන්. මේ වන විට ආරම්භ වී ඇති විරෝධතා මාලාව, වාමාංශික දේශපාලන පක්ෂ විසින් සංවිධාන කර ඇති බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. ප්‍රංශයේ නෝබෝඩ් පක්ෂයේ ප්‍රධානියා වන ජීන් ලූක් මෙලෙන්‍ චොන් විරෝධතා මෙහෙවවන බව, වාර්තා වනවා. මේ නිසා ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ රජයට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. විරෝධතාකරුවන් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව හඬ නගමින් සිටිනවා.

    Latest News