අමෙරිකාව සහ සෞදි අරාබිය අතර මතභේදාත්මක තත්වය තවදුරටත් වර්ධනය වේ...

ඔක් 18, 2022

    අමෙරිකාව සහ සෞදි අරාබිය අතර මතභේදාත්මක තත්වය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

    සෞදි අරාබිය සිය ඉන්ධන නිෂ්පාදනය අඩු කිරීම සහ බෙදාහැරීම සීමා කිරීමට ගනු ලැබූ තීරණවලින් අනතුරුවයි, අමෙරිකාව සමග මෙම තත්වයක් හට ගෙන ඇත්තේ.  අමෙරිකානු රජය මෙන්ම, ජනාධිපති ජෝ බයිඩන් ද සෞදි අරාබියේ තීරණය පිළිබඳව සෘජුව විවේචන එල්ල කළා. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවන් පිළිබඳව යළි සලකා බැලීමට සිදු වන බවයි, ජනාධිපති බයිඩන් කියා සිටියේ. දෙරට අතර සබඳතා පිළිබඳ යළි සමාලෝචනයක් සිදු කරන බව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කර තිබෙනවා. ජී - 20 සමුළුවේදී ද සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමග සාකච්ඡා පැවැත්වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    Last modified on අඟහරුවාදා, 18 ඔක්තෝබර් 2022 17:21

    Latest News