යුක්‍රේනය සහ රුසියාව යා කෙරෙන පාලමට ප්‍රහාරයක්

ඔක් 10, 2022

    යුක්‍රේනය සහ රුසියාව යා කෙරෙන ප්‍රධාන පාලමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පාලමේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසන්නේ, මෙය යුක්‍රේනය විසින් සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

    ප්‍රහාරය සඳහා ට්‍රක් රථයක් යොදා ගෙන ඇති අතර, මියගිය පිරිස් එම අවස්ථාවේ අසළින් ගමන් කළ මෝටර් රථයක ගමන් කරමින් සිට තිබෙනවා.

    රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ, විදෙස් රටවල සහය ද මෙම ප්‍රහාරයට ලැබී ඇති බවයි.                       

    Latest News