චීනයෙන් සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවක්

ඔක් 09, 2022

    චීනය, වැඩිදියුණු කෙරුණු සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන්ගත කරයි.

    චීනයේ Jiuquan අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන්, Long March 2D ප්‍රහාරක රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව අද (9) සාර්ථකව අභ්‍යවකාශගත කෙරිණ.

    එම චන්ද්‍රිකාව සැලසුම් කළ පරිදි  කක්ෂයට ඇතුළු වූ අතර දියත් කිරීමේ මෙහෙයුම පූර්ණ වශයෙන් සාර්ථක වී තිබේ.

    සූර්ය ගිනිදැල්, රශ්මි ස්කන්ධ පිටකිරීම් සහ සූර්ය චුම්බක ක්ෂේත්‍රය අතර ඇති  සම්බන්ධය පිළිබඳව පර්යේෂණ කරමින් අභ්‍යවකාශ කාලගුණ අනාවැකි සඳහා දත්ත සැපයීම එම චන්ද්‍රිකාවෙන් අපේක්ෂිත ප්‍රධාන කාර්යභාරයයි.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News