තුර්කියෙන් අහසට නගින්න විශාලතම තොටුපොලක්

ඔක් 31, 2018

    ලොව විශාලතම ගුවන් තොටුපොළ තුර්කියේ විවෘත කර තිබේ. ඉස්තාන්බුල් නුවරින් පිටත පිහිටි ප්‍රදේශයකයි, මෙය ඉදිකර ඇත්තේ.

    මෙය "ඉස්තාන්බුල්" ගුවන් තොටුපොළ ලෙස නම් කර තිබේ.

    නව ගුවන් තොටුපළ විවෘත කළේ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන්ගේ ප්‍රධානත්වයෙන්.
    මේ සඳහා ඩොලර් බිලියන 11.7ක් වැය කර තිබේ. ගුවන් තොටුපොළ් මගී ධාරිතාව මිලියන 90ක්. එය ඉදිරියේ දී මිලියන 200 දක්වා වැඩි කිරීමට නියමිතයි.

    පළමු මාස 2 තුළ තුර්කිය සහ අසර්බයිජාන් දක්වා උතුරු සයිප්‍රස් දක්වාත් ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපළ යොදා ගැනේ. විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති එර්ඩෝගාන්, කියා සිටියේ, ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස තුර්කියේ භූමිකාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම ගුවන් තොටුපළ ඉවහල් වන බවයි.

    ගුවන් තොටුපළෙන් සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කෙරෙන්නේ, ලබන ජනවාරි සිට බව වාර්තා වේ.

    Latest News