අමෙරිකාවෙන් චීන සමාගම් වෙත සීමාවක්

ඔක් 30, 2018

    අමෙරිකාව තම සමාගම්වලට චීන සමාගමක් වෙත භාණ්ඩ අලෙවිය සීමා කිරීමට පියවර ගෙන තිබේ. එම තීරණයට එළඹ ඇත්තේ අමෙරිකාවේ ජාතික ආරක්‍ෂාව සැලකිල්ලට ගනිමින්.

    ඒ අනුව චීනයේ ප්‍රධාන දත්ත ගබඩා උපාංග නිෂ්පාදන සමාගමක් වන පූජියැං ජින්හුවා වෙත භාණ්ඩ අලෙවියේ දී අමෙරිකානු සමාගම්වලට සීමා පනවා තිබේ. එම සමාගමට භාණ්ඩ අපනයනය කරන්නේ නම්,

    අමෙරිකානු රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි. අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ එරට ජාතික ආරක්‍ෂාවට හානිකර ක්‍රියාමාර්ගවලට එළඹීමට අවශ්‍ය තොරතුරු අදාළ චීන සමාගමෙන් ලබාගැනීමේ ප්‍රබල අවදානමක් පවතින බවයි.

    මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ බුද්ධිමය දේපළ සොරකම් කිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගවල නවතම පියවරක් බවයි වාර්තා වන්නේ. තවත් රටවල් කිහිපයක් ද ආරක්‍ෂක හේතූන් මත චීන සමාගම් වෙත විවිධ සීමාවන් පනවා තිබේ.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 07:51

    Latest News