ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවෙන්

ඔක් 31, 2018

    ලොව උසම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ඉන්දියාව සමත්ව සිටී. එය ඉදිකර තිබෙන්නේ ගුජරාට් ප්‍රාන්තයේ.

    ප්‍රතිමාව අද විවෘත කිරීමට නියමිතයි. ඉන්දියානු නිදහස් සටනේ වීරවරයෙකු වන සර්දාර් වෙලේබායි පටෙල්ගේ රුව මෙසේ ප්‍රතිමාවට නගා තිබේ. ඊට වැය කළ මුදල, ඉන්දියානු රුපියල් බිලියන 29ක්. උස මීටර 240ක් වන ප්‍රතිමාව, යකඩ, ලෝකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිශ්‍ර කරමින් නිර්මාණය කර තිබේ.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිවස පිහිටා ඇත්තේ ද ප්‍රතිමාව ඉදිකර ඇති ගුජරාට් ප්‍රාන්තයේ. ගුජරාට් ප්‍රාන්ත රජය සහ මහජන අරමුදල් ද එය ඉදිකිරීමට යොදා ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම ඉදිකිරීමට ගොවි සංවිධාන විරෝධය පළ කරයි. ඊට හේතුව, මෙතරම් මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කිරීමයි.

    Latest News