ලංකාව සහ එංගලන්තය සිව්වන දිනය අදයි

අගෝ 24, 2024

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

    ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා.

    තරගය පැවැත්වෙන්නේ, මැන්චෙස්ටර් හිදී.

    දෙවැනි දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්තය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 259ක්.

    ඔවුන් පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෙමි ස්මිත් ලකුණු 111යි.

    පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තා.

    පිළිතුරු ලෙස ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ, නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න.

    ලකුණු පුවරුව ලකුණක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් දමා ගැනීමට එංගලන්තය සමත් වුණා.

    දිමුත් කරුණාරත්න ලකුණු 27යි. ඇන්ජෙලෝ මැතීව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 42 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 65ක්.

    කමිදු මෙන්ඩිස් වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි අර්ධ ශතකයයි.

    ඊයේ නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිදු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් ලබා සිටියා. ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236ක්.

    සිව්වන දිනය සඳහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2024 13:09

    Latest News