73කට මරු කැඳවමින් පැපුවා යටවෙයි

මාර් 18, 2019

    ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍රදේශවලට ඇතිවූ ගංවතුරෙන් 73 දෙනෙක් මියගොස් තිබේ.

    තවත් 60ක පමණ අතුරුදන්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දුනීසියාවේ ගංවතුර තත්වය හදිසියේ ඇතිවූවක් වන අතර, ඊට සමගාමීව නායයෑම් සහ ගස් කඩා වැටීම් ද වාර්තා වී තිබේ.

    ගංවතුරෙන් පාලම් දෙකක් හා නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත. ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස හාරදහසකට අධිකයි. බලධාරීන් පවසන්නේ, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 10:04

    Latest News