එක්සත් රාජධානියෙන් මෙරටට පවුම් මිලියන 3 ක්...

සැප් 29, 2022

    එක්සත් රාජධානිය මෙරටට පවුම් මිලියන 3 ක මානුෂිය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

     

    සහන අත්‍යවශ‍්‍යයම ජන කොටස්වල ජීවන මට්ටම ඉහළ නැංවීම මෙහි අරමුණයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් “සාරා හල්ටන්” පවසන්නේ, එම නව පැකේජයෙන් දිවයින් පුරා සිටින ගැබිණි සහ කිරිදෙන මව්වරුන්, දරුවන්, අඩු ආදායම්ලාභී ධීවරයන් සහ දෛනික වැටුප් ලබන කම්කරුවන් වැනි උපකාර අවශ්‍ය ජනතාවට මුදල් සහ වෙනත් ආධාර ලබා දෙන බවයි.

    එක්සත් ජාතින්ගේ සංවිධානය සහ රතු කුරුස සංවිධානය යන හවුල්කරුවන් මගින් මෙම ආධාර සැපයිමට නියමිතයි. මෙය එක්සත් ජාතින්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල හරහා ශ්‍රී ලංකාවට දැනටමත් ලබා දී ඇති ඩොලර් මිලියන පහට සහ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා එක්සත් රාජධානියෙන් සැපයෙන අඛණ්ඩ සහයෝගයට අමතරව ලබා දෙන්නක් වීම විශේෂත්වයක්. උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම් 9733ක් නිෂ්කාශනය සඳහා එක්සත් රාජධානිය සහයෝගය ලබා දුන් අතර, එමගින් අවතැන් වූ පුද්ගලයන් සහ සරණාගතයින් 17000ක් පමණ නැවත පදිංචි කිරීමට ද හැකි වී තිබෙනවා.

    ගැටුම් හේතුවෙන් කම්පනයට පත් පුද්ගලයින් 716 දෙනෙකු ට මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහය ලබා දීමටත් ලිංගික හා ස්ත්‍රි පුරුෂ සමාජභාවිය ප්‍රචණ්ඩත්වයට ගොදුරුවුවන්ට වඩාත් ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රජා මුලික සංවිධාන හතක කටයුතු ශක්තිමත් කිරීමට ද එක්සත් රාජධානියේ සහය හිමි වුණා. මේ වසර මුලදී නව යුරෝ මිලියන 11.3ක පසු විපරම් වැඩසටහනක් ද එක්සත් රාජධානිය විසින් නිවේදනය කරනු ලැබුවා.

    Latest News