හයිටියේ ‍ජීවන වියදමට එරෙහිව ජනතාව උද්ඝෝෂණවල

සැප් 15, 2022

    හයිටි රාජ්‍යයේ ‍ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටිනවා.

    විරෝධතා හට ගෙන ඇත්තේ, එරට රජය ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීමත් සමගයි.

    ගෑස් මිල‍ දෙගුණයකටත් වඩා වැඩි වන බව, හයිටි බලධාරීන් ඊයේ නිවේදනය කළා. ඩීසල් සහ භූමිතෙල් සඳහාද මිල වැඩි වීමක් සිදු කර ඇති බව, බලධාරීන් පවසනවා. නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන්නේ කෙදින සිට දැයි ප්‍රකාශය කර නැහැ. හියිටි රජය පෙන්වා දෙන්නේ, රට තුළ බලශක්ති සඳහා පනවා ඇති නව මිල ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින බලශක්ති මිලට වඩා සැලකිය යුතු ලෙස අඩු බවයි. කෙසේ වුවද, ගෑස් සහ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව පෝට්ඕ ප්‍රින්ස් අගනුවර පුරා මාර්ග අවහිර කරමින්, ටයර් හා වාහන පුළුස්සමින් විරෝධතාවල නිරත වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. විරෝධතා හේතුවෙන් නගරයේ ගමාන ගමනයට ද බාධා එල්ල වුණා. විරෝධතා හේතුවෙන් පාසල් සහ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකළ බවද, වාර්තා වනවා.

    Latest News