ගිනස් වාර්තාවක් තැබූ ගුවන් යානයකින් ලොව වටා ගිය ලාබාලතම තැනැත්තා... guinnessworldrecords.com

ගිනස් වාර්තාවක් තැබූ ගුවන් යානයකින් ලොව වටා ගිය ලාබාලතම තැනැත්තා...

අගෝ 31, 2022

    කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ලාබාලතම තැනැත්තා ලෙස, ගිනස් වාර්තාවක් පිහිටුවීමට මැක් රදර් ෆර්ඩ් සමත් වී තිබෙනවා.

    ඔහුගේ වයස අවුරුදු 17 ක්. ඔහු, මීට පෙර සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය සාරා රදර් ‍ෆර්ඩ් ගේ සොහොයුරායි. සාරා සිය ලෝක සංචාරයේදී ශ්‍රී ලංකාවට ද පැමිණියා. බ්‍රිතාන්‍ය බෙල්ජියම් සම්භවයක් ඇති මැක් රදර් ෆර්ඩ් සිය පියාසැරිය ආරම්භ කළේ, ඉකුත් මාර්තු 23 වැනිදා. ඒ, බල්ගේරියාවෙන්. ඔහු, සිය පියාසැරිය අවසන් කළේ, ඉකුත් 24 වැනිදායි. අනතුරුව, චාරිකාව පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු ඊයේ ඔහුගේ නම ගිනස් වාර්තා අතරට එක් කරනු ලැබුවා. මාස 5 සිය පියාසැරිය අතරතුර ඔහු රටවල් 52 ක් හරහා ගමන් කර ඇත්තේ, සමකය දෙවරක් තරණය කරමින්.

    Latest News