රුසියානු පාබල හමුදාව, තවත් විශාල කිරීමට පුටින් සැරසේ...

අගෝ 26, 2022

    රුසියානු පාබල හමුදාව, තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

    ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තැබුවා. ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ, රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව එක්ලක්ෂ 37,000 කින් ඉහළ නැංවීමටයි. ඒ අනුව, ඉදිරියේදී රුසියාවේ සක්‍රීය අවම හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 15ක් වන බව, වාර්තා වනවා. හමුදා භටයින් සංඛ්‍යාව ඉහළ නංවනු ලැබුවද, හමුදාවේ නිලයන් වෙනස්වීම් පිළිබඳ මෙතෙක් වාර්තාවී නැහැ. රුසියාවේ සම්පූර්ණ හමුදා භටයින් සංඛ්‍යාව, මේ අනුව 2,000,000  ඉක්මවනු ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    සක්‍රීය සේවයේ නිරත නොවන, එහෙත්, අත්‍යවශ්‍ය මොහොතක සේවයට කැඳවීමට සූදානමින් සිටින ස්වේච්ඡා සහ අතිරේක භට පිරිස් ද මෙම සංඛ්‍යාවට ඇතුළත්. රුසියාව, මීට පෙර හමුදා භට සංඛ්‍යාව මෙලෙස ඉහළ නැංවීමක් සිදුකළේ, 2018 වසරේදී. එරට නීතියට අනුව, වයස අවුරුදු 18ත් 27ත් අතර සෑම පිරිමි පුරවැසියෙකුම අනිවාර්යයෙන්ම හමුදා සේවයේ නිරත විය යුතු වනවා.

    Latest News