ඉන්දියාවෙන් මන්කිපොක්ස් පළමු මරණය වාර්තාවේ...

අගෝ 02, 2022

    වඳුර උණ හෙවත්, මන්කිපොක්ස් වෛරසය ආසාදනය වීමෙන්, ඉන්දියාවේ සිදු වූ පළමු මරණය, එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

    මරණය වාර්තා වන්නේ, දකුණු ඉන්දියාවේ - කේරල ප්‍රාන්තයෙන්. එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට, කේරල ප්‍රාන්තයට පැමිණි 22 හැවිරිදි තරුණයෙකු මෙම වෛරසය ආසාදනය වීමෙන් පසුගිය සෙනසුරාදා දින මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන තිබෙනවා. ඔහු විදේශ ගත වී සිටියදී මන්කිපොක්ස් වෛරසයට ගොඳුරු වී ඇතැයි, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී කෙරුණු පරීක්ෂණයකදී හෙළි වූ බව, කේරල සෞඛ්‍ය අමාත්‍යවරිය වන වීණා ජෝර්ජ් මහත්මිය පවසනවා.

    ඔහුගේ මරණයෙන් පසු කෙරුණු පරික්ෂණවලින්ද මේ බව තහවුරු වී තිබෙනවා. පසුගිය ජුලි 27 වැනි දින පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙ‍රුණු මෙම තරුණයාට උණ වැලඳී තිබූ බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඔහුගේ සිරුරේ කිසිඳු කුෂ්ඨයක් නොතිබී ඇති අතර, ඔහුට මෙම රෝගය වැලදී ඇති බවට සැක කිරීමට වෛද්‍යවරුන් හට කිසිඳු හේතුවක් නොතිබූ බවයි, වාර්තා වන්නේ.

    Latest News