යුක්‍රේනයෙන් ධ්‍යාන්‍ය නැවක් ට්‍රිපොලි වරායට

අගෝ 02, 2022

    රුසියා - යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු, යුක්‍රේනයේ ධාන්‍ය තොගය රැගත් නෞකාවක් පළමු වරට ලෙබනනයේ ට්‍රිපොලි වරාය බලා ඊයේ පිටත් වුණා.

    ඒ ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් රුසියාව, යුක්‍රේනය, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පසුගියදා ඇතිකරගත් ගිවිසුමක් අනුවයි.   

    ධාන්‍ය මෙට්‍රික් ටොන් 26,000 ක් රැගත් මෙම නෞකාව පිටත් උනේ යුක්‍රේනයේ ඔඩේසා වරායෙන්.  එය සියරා ලියෝන් රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති නෞකාවක්.  යුක්‍රේනයේ නිෂ්පාදිත ධාන්‍ය අපනයනයට රුසියාව අවසර දුන්නේ, අදාළ ගිවිසුමෙන් අනතුරුවයි.

    රුසියාව චෝදනා කළේ, ධාන්‍ය අපනයනය මුවාවෙන් යුක්‍රේනය යුද අවි රට තුළට ගෙන එන බවයි. නමුත් තුර්කිය සියලුම නෞකාවන් පරීක්ෂා කර ඒවාගේ අවි ආයුධ නොමැති බවට තහවුරු කරන බව ගිවිසුමේ සඳහන්ව තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 02 අගෝස්තු 2022 11:44

    Latest News