චීන මහජන විමුක්ති හමුදාවේ 95 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරේ...

අගෝ 02, 2022

    චීන මහජන විමුක්ති හමුදාවට 95 වසරක් සපිරෙයි.  

    චීන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධාන කෙරුණු, උත්කර්ෂවත් සංවත්සර උළෙල 31 වැනිදා බෙයිජිං අගනුවර මහජන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ‍.  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් ‍ පක්ෂයේ සහ රජයේ නායකයෝ එම උත්සවයට සහභාගි වූහ.  

    පසුගිය දශක තුනකට අධික කාලයක් පුරා චීනය එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් 25 කට සහභාගි වී ඇති අතර, සාමසාධක භටයන් 50,000 ක පමණ පිරිසක් ඒ සඳහා යොදවා ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් අතරින් විශාලතම හමුදා දායකයා වන්නේ ද චීනය යි.  මේ නිසා චීනය, ජගත් සාමසාධක මෙහෙයුම්වල ප්‍රධාන  බලවේගයක් ලෙස ද හැඳින්වේ.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු - චිනයේ බෙයිජිං නුවර සිට.....

    Latest News