යුක්‍රේන නැව් 3ක් රුසියානු අඩස්සියට

නොවැ 26, 2018

     තම සාගර කලාපයට නීති විරෝධී ලෙස ඇතුළු වූ යුක්‍රේන නෞකා 3ක් අත්අඩංගුවට ගත් බව රුසියාව පවසයි.

    ක්‍රෙමියා අර්ධද්වීපයට යාබද මුහුදු ප්‍රදේශයට සේන්දු වූ යුක්‍රේන නෞකාවල සිටි පිරිස සහ රුසියානු නාවික භට පිරිස් අතර ගැටුමක් ද හටගෙන ඇති බවයි, වාර්තා වන්නේ. තුවාල ලැබූ යුක්‍රේන සෙබළුන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

    රුසියාවේ දේශසීමා උල්ලංඝණය කිරීමේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් දියත් කළ බව, රුසියානු රජය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයට එකිනෙකාට චෝදනා කරනු ලැබීය.

     

    Latest News